Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th March 2025 15:36:44 Hours

අරිසිමලේ පුරාණ විහාරස්ථානයේ පිංකම් මාලාවට 221 පාබල බලසේනාවෙන් අනුග්‍රහය දක්වයි.

ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී,ගේ මඟපෙන්වීම සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 221 පාබල බලසේනාවට අයත් භටපිරිස් , 2025 .03. 13 වන දින අරිසිමලේ පුරාණ විහාරස්ථානයෙහි බුද්ධ පුජාමය පිංකමක් සංවිධානය කළ අතර,සිල් සමාදන් වු බැතිමතුන් හා පිංකම් සදහා සහභාගී වු බැතිමතුන් හට දහවල් දානයද පිරිනමනු ලැබීය. මෙම පිංකම් මාලාව 2025 .03. 10 වන දින සිට 13 දින දක්වා පැවැත්විණි .