Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th November 2023 10:14:55 Hours

අරලගංවිල ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් බෙදාදීම

අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 231 වන පාබල බලසේනාව විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිල ප්‍රදේශයේ පදිංචි ගැබිණි මව්වරුන් 75 දෙනෙකු සඳහා වියළි සලාක ඇසුරුම් බෙදාදීමේ වැඩසටහනක් 2022.11.02 වන දින අරලගංවිල “ප්‍රතිභා” ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් වැඩසටහන දියත් කිරීම සඳහා සංකල්පීය මග පෙන්වීම ලබා දෙන ලදී. 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩිලන්ත ජයවර්ධන ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී. 12 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ජී එස් රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, නිලධාරින් සහ භට පිරිස් විසින් උත්සවය සංවිධානය කරන ලදී.

මෙම වටිනා කර්තව්‍ය සඳහා දළ වශයෙන් රුපියල් 500,000 කට අධික මුදලක් වැයවු අතර, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිගේ ඉල්ලීම මත ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ඡ්‍යෙෂ්ඨ නිළධාරි විසින්, අනුග්‍රහය දක්වන ලදී. විලයාය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික නැටුම් උත්සවයේ විචිත්‍රවත් බව තවත් වැඩි කරන ලදී. ගැබිණි මව්වරුන් හට කෙටි ආහාර වේලක් හා තේ පැන් සංග්‍රහයක්ද ලබා දෙන ලදී. උත්සවයෙන් අනතුරුව, විලයාය විදුහලේ සංස්කෘතික නැටුම් උත්සවය සදහා නර්ථනය ඉදිරිපත් කරන ලද ළමුන් සහ ගුරුවරුන් සමග නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සුහද කථා බහක නිරතවිමෙන් අනතුරුව සමුහ ජායරුපයක් සදහාද පෙනි සිටින ලදි.

මෙම අවස්ථාව සදහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී ඡ්‍යෙෂ්ඨ නිලධාරි, 231 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලන්ත ජයවර්ධන ආර්එස්පි ඡ්‍යෙෂ්ඨ නිලධාරි, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, 12 ගැමුණු හේවා බළකයේ අණදෙන නිලධාරී මේජර් ජී එස් රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, නිලධාරින් සහ භටපිරිස්ද මෙම උත්සවයට සහභාගී විය. මෙයට අමතරව විලයාය මධ්‍යා මහා විදුහලේ විදුහල්පති තුමන් ජිඑච්පි කුමාර මහතා හා මහවැලි බි කලපායේ කොට්ඨාශ කලමණාකාර කැළුම් මහතා සහ ආරාධිත අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට සභභාගී විය.