Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th April 2023 09:38:41 Hours

අධ්‍යක්ෂ ‌ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ආරක්ෂක සේනා (නැගෙනහිර) සංචාරයක

අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී 2023 අප්‍රේල් මස 27 දින ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නිල සංචාරයක නිරත විය. ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වෙත ඉතා උණුසුමි අයුරින් පිළිගන්නා ලදී.

අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී ප්‍රථමයෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) වෙත පැමිණ අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සම්මන්ත්‍රණයට සහභාගී විය. මෙම සම්මන්ත්‍රණයේදී ප්‍රධාන මාණ්ඩලික ශාඛාවට සම්බන්ධ වැදගත් කරුණු සාකච්ඡා කරන ලද අතර, ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) යටතේ සේනාංක, බලසේනා, ඒකක වල පවතින ගැටළු පිළිබඳව සොයා බලන ලදී. ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමත් සමඟ සම්මන්ත්‍රණය අවසන් විය. ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි, 22 සහ 24 පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, බළසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරීන්, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ප්‍රධාන ශාඛාවේ මාණ්ඩලික නිළධාරීන්, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී සමඟ සාකච්ඡාවට එක් විය.

මීට අමතරව, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩා සංකීර්ණය, පූනානිහි සංචාරය කල අතර, එම අවස්ථාවේදී මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් සම්පත් බුලත්ගම ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ගබඩා සංකීර්ණය පිලිබද සේනාවිධායකගේ කෙටි පැහැදිලි කිරිමෙන් අනතුරුව සංකීර්ණයේ සංචාරයකද නිරත විය. මීට අමතරව, එම ජ්‍යෙෂ්ඨ නිළධාරී 23 පාබල සේනාංකය සහ බලඇණි පුහුණු පාසලහි ද සංචාරය කල අතර එම අවස්ථාවේදී 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඉතා උණුසුම් ලෙස එම අවස්ථාවේ පිළිගන්නා ලදී. සංචාරය සංකේතවත් කිරීම සඳහා, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, පැළයක් සිටුවා, චාරිත්‍රානුකූලව සමරු පොතෙහි සමරු සටහන් තබා සුබ පැතුම් පළ කළේය. මෙම සංචාරය සඳහා ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි, ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එරන්ද රත්නායක සහ යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ මාණ්ඩලික නිළධාරීන් සහභාගී වූහ.