Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th August 2022 12:16:34 Hours

අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි සලාක මළු හා පාසල් සිසුන් සදහා ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂ බෙදා දෙයි

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් ආර් පි ජයවර්ධන ආර්ඩබ්පි ආර්ඒස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රදේශයේ පදිංචි ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා පරිත්‍යාගයෙන් අරලගංවිල ප්‍රදේශයේ දෙහිඅත්තපිටිය යාය, ජයමුතුගම සහ යාය 03 යන ප්‍රදේශවල පදිංචි අඩු ආදායම්ලාභි පවුල් 100 ක් සදහා එකක වටිනාකම රු. 5000.00 ක් වන වියලි සලාක මළු 100 ක් සහ එම ප්‍රදේශයන්ම තෝරාගත් පාසල් සිසුන් 100 ක් සදහා රු 2500.00 වටිනා කමකන් යුත් ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂ 100 ක් 2022 අගෝස්තු 27 වන දින අරලගංවිල මහවැලි සංස්කෘතික ශාලාවේදී බෙදා දෙන ලදි.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) මේජර් ජෙනරාල් ජීආර්ආර්පී ජයවර්ධන ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩියු, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එම්කේඑස්එස්පි ජයසිංහ ආර්ඩබ්පි ආර්එස්පි, ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරි, සිවිල් සම්බන්ධීකරණ නිළධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින්/නිළධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.