Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th October 2022 20:17:10 Hours

අඩු ආදායම්ලාභි පවුල් සදහා වියලි සලාක මළු බෙදා දෙයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම සහ අධීක්‍ෂණය යටතේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කුංජන්කුලම් "සංස්කෘතික" මධ්‍යස්ථානයේදී වියළි සලාක පරිත්‍යාග වැඩසටහනක් 2022.10.26 වන දින සංවිධානය කරන ලදී.

ඒ අනුව කුංජන්කුලම්, මදුරන්කේනිකුලම් සහ කිරිමිච්චිය යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභි පවුල් 200 සදහා රුපියල් 3500 ක වටිනා කමකින් යුත් වියළි සලාක පාර්සල් බෙදා දෙන ලදී මේ සදහා අනුග්‍රාහකත්වය ‟ගුණ ජය සතුට පදනමේ” හිමිකරු කුෂිල් ගුණසේකර මහතාගේ විසින් ලබාදෙන ලදි.

තවද, මෙම අවස්ථාවට සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි, 23 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් කසුන් අධිකාරි, ආරක්‍ෂක සේනා (නැගෙනහිර), ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරී කර්නල් රජීව් ප්‍රනාන්දු, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) සිවිල් සම්බන්ධීකරණ නිළධාරී, ලුතිනන් කර්නල් ප්‍රභාත් හල්පගේ, 233 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, ලුතිනන් කර්නල් ලලිත් එදිරිසිංහ, 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් ජනක රණරාජ් ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුලු නිලධාරීන්, සහ සෙසුනිලයින් මෙම අවස්ථාව සදහා සහභාගි විය.