?
26th June 2025 18:48:03 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව “සිවිල් සමාජය හා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව අතර සංහිදියාව වර්ධනය කිරීම” ව්‍යාපෘතිය යටතේ 11 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුඵව වෙතින් ඒකක බළප්‍රදේශයේ තොරාගනු ලබන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ඉදි කරනු ලබන හත් වැනි නිවසෙහි ඉදිකිරීම් කටයුතු 2025 ජුනි මස 24 වන දින ආරම්භ කරන ලදී.
අක්කරපත්තු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආලිම් නගර් ග්‍රාම නිලධාරි වසමෙහි 14/සි, අම්පාර පාර, ඉලුච්චේන, අක්කරපත්තු ලිපිනයේ පදිංචි අඩු ආදායම්ලාභි මුස්ලිම් පවුලක් වන එම් ඉර්ෆානා මහත්මිය හා පවුලේ අයවලුන් සදහා ඉදිකරනු ලබන මෙම නිවසේ මුල්ගල තැබීමේ කටයුතු 241 වන බලසේනාවේ බලසේනාධිපති, අක්කරපත්තුව ප්‍රාදේශිය ලේකම් හා ආලිම්නගර් ග්‍රාම නිලධාරි ඇතුඵ නිලධාරි සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.