Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th June 2023 12:35:34 Hours

අක්කරපත්තුව නගරයේ වෙළඳසැලක ගින්නක් පැතිරීම 11 ශ්‍රිලංජාආබමු භට පිරිස් විසින් වළක්වයි

අමිපාර අක්කරේපත්තුව ප්‍රදේශයේ ස්ථාපිත 241 පාබල බලසේනාවේ, 11ශ්‍රිලංජාආබමු බලප්‍රදේශයට අයත් අක්කරේපත්තුව නගරයේ අබලි යකඩ අලෙවිසැලක 2023 06 06 දින උදෑසන 1030 පැයට පමණ හදිසියේ ඇතිවු ගිනි ගැනීමක් හේතුවෙන් අවට නිවාස හා වෙළදසැල් වලට ගින්න පැතිරීමේ අවදානමක් ඇතිවු අතර, 241 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් LSDN පතිරත්න RWP RSPජේHෂ්ඪ නිළධාරීගේ උපදෙස් මත වහා ක්‍රියාත්මක වු 241 පාබල බලසේනාවේ භටපිරිස් හා 11 ශ්‍රිලංජාආබමු භටපිරිස් විසින් අක්කරේපත්තුව පොලීසිය, ගිනි නිවීමේ ඒකකය හා එක්වී ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට ක්‍රියාකිරීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් වලක්වා ගැනීමට හැකිවිය.