Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th February 2024 10:00:23 Hours

9වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සෝමපුර සෝමාදේවි විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

22වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි 222වන පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මගපෙන්වීම යටතේ 9 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 පෙබරවාරි මස 01 වන දින ත්‍රිකුණාමලයේ සෝමපුර සෝමාදේවි විද්‍යාලයේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම පිරිසිදු කිරීමේ වැඩසටහ සදහා විදුහල්පතිතුමා, ගුරුවරුන් සහ දෙමාපියන්ද මෙම වැඩසටහනට සක්‍රීයව දායකත්වය ලබාදෙන ලදී.