Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th October 2022 11:44:54 Hours

9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් සිසුන් සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ගේ මගපෙන්වීම් යටතේ 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භඨ පිරිස්ගේ ශ්‍රම දායකත්වයෙන් හා හොරණ “තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම” අනුග්‍රහය ඇතිව පො/දිඹුලාගල කාශ්ෂප විද්‍යාලයේ සිසුන් 550 හා ආචාර්ය මණ්ඩලය සදහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් 2022.10.03 වන දින ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි, මෙම වැඩසටහනේ සම්බන්ධිකාරක හොරණ මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය "සත්ධර්ම කීර්ති" ශ්‍රී තලගල සුමනරතන නාහිමියන්, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරි, 233 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් රජීවේ ප්‍රනන්දු, සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් ප්‍රභාත් හල්පගේ, 9 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් දිනේෂ් වනිගසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුලු නිළාරින් හා සෙසු නිලයින් මෙම උත්සවයට සහභාගී විය.