Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th July 2024 21:05:12 Hours

9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 17 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 17 වන සංවත්සරය වෙනුවෙන් එම ඒකකයේ අණදෙන නිලධාරි මේජර් සී.ඩී.පී. ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මූලිකත්වයෙන් වැඩසටහන් මාලාවක් 2024 ජූලි මස 17 දින එම මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අණදෙන නිලධාරි තුමන් වෙත හමුදා සම්ප්‍රදානකුලව කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරමින් සංවත්සර දිනයේ වැඩකටයුතු ආරම්භ විය. එම දිනය සනිටුහන් කරමින් අණදෙන නිලධාරිතුමා විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලද අතර අනතුරුව, එම ඒකකයේ අභිනවයෙන් ඉදිකරන ලද මුර හල විවෘත කරන ලදී.

සංවත්සර දිනයට සමගාමීව එම ඒකකයේ සියලු නිලයන්ගේ සහභාගීත්වයෙන් රුධිරය පරිත්‍යාගය කිරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 05 දින පවත්වන ලදී. මීට අමතරව, මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිං පැමුණුවීම සහ බළඇණියට සෙත්පතා භටපිරිස් විසින් සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේදී ආගමික වැඩසටහනක්ද පවත්වන ලදී.

මෙම අවස්ථාවට එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් සහභාගී වූහ.