Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th April 2023 11:02:09 Hours

9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොළකනවාඩිය ගමෙහි දිළිදු පවුලක් සඳහා නව නිවසක් ඉදිකරයි

233 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු භටපිරිස් විසින් කොලකනවාඩිය ප්‍රදේශයේ දිළිදු පවුලක් සඳහා නිවසක් ඉදිකර ප්‍රතිලාභීන් වෙත 2023.04.10 වන දින ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් විවෘත කර භාරදෙන ලදී.

233 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඉන්දික චන්ද්‍රකුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමදායකත්වය ලබා දෙන ලදී.

ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකාරණය සහ විශ්ව උදාර අලහරුවන් මහතාගේ පරිත්‍යාගය මත මෙය සිදු විය. ඉදිකිරීම් අවසන් වූ පසු වැලිකන්ද කොලකනවාඩිය ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර මහතා සහ පවුලේඅය වෙත ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපතිවරයා සුරතින් යතුර භාරදුන් අතර, නිවසේ කිරිඉතිරවීමෙන් පසුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රතිලාභීන් වෙත ගෘහ උපකරණ කිහිපයක්, වියළි සලාක පැකට් තොගයක් සහ පාසල් උපකරණ ප්‍රධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවු අතර, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 233 වන බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයින් සහ ප්‍රදේශවාසින්ද මෙම අවස්ථාවට සහභාගී විය.