?
09th July 2025 18:56:36 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟ පෙන්වීම යටතේ සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ, 222 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් නව නිවසක ඉදිකිරීම් සාර්ථකව නිම කර යතුරු සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ඒ.එම්.කේ. ඉන්ද්‍රාණි මහත්මිය සහ ඇයගේ පවුලේ අයට භාර දෙන ලදී.
සිවිල්-හමුදා සම්බන්ධීකරණ වැඩසටහනක කොටසක් ලෙස ප්‍රධාන වශයෙන් ශ්‍රමදායකත්වය ලබාදෙනු ලැබුවේ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුලු නිලධාරීන් සහ සෙසුනිලයින් විසිනි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ චමිල් ජයන් මහතා ඇතුළු ප්‍රාදේශීය දානපතියන්ගේ නොමසුරු අනුග්‍රහය තුළින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට හැකි විය.
2025 ජූලි 04 වන දින සිරිමංගලපුර ප්‍රදේශයේ දී නවතමයෙන් ඉදිකරන ලද නිවස නිල වශයෙන් ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් භාර දෙන ලදී.
මෙම අවස්ථාව සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 22 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලයන්, අනුග්‍රාහකයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ද සහභාගී වූහ.