Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th July 2024 09:55:34 Hours

9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකකයේ ශ්‍රමදායකත්වයෙන් හා පරිත්‍යාගශීලින්ගේ මූල්‍යමය දායකත්වය මගින් අංග සම්පූර්ණ නිවසක් සාදා එම නිවස නිවැසියන් වෙත ලබා දෙන ලදි.

යුද්ධ හමුදාපති තුමන්ගේ සංකල්පයකට අනුව සහ ආඥාපති ආරක්ෂක සේනාව (නැගෙනහිර) මේජර් ජෙනරාල් ශෙවාන්ත් කුලතුංග යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ සෑම ඒකක බලප්‍රදේශයකම ජිවත්වන අඩු ආදායම්ලාභි පවුලක් සඳහා යුධ හමුදාවේ දායකත්වය ලබාදී නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කල අතර, ඒ සඳහා 233 පාබසේමූ යටතේ පාලනය වන 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක බලප්‍රදේශයට අයත් වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අංක 286 සිංහපුර ග්‍රාම නිලධාරි වසම තුල දිළිදු පවුලක් වෙත නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම 2024.03.01 වන දින 1005 පැයට යෙදී තිබූ සුභ මොහොතින් 23 වන පාබල සේනාංක මූලස්ථානයේ හිටපු සේනාංකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්චන මාරසිංහ මහතා විසින් තම මියගිය දෙමව්පියන් වෙත පිං පාරථනා කරමින් මූල්‍යමය අනුග්‍රහය දක්වන ලදී.

ඉන්පසු එම නිවස 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඒකකයේ ශ්‍රමදායකත්වයෙන් හා පරිත්‍යාගශීලින්ගේ මූල්‍යමය දායකත්වය මගින් අංග සම්පූර්ණ නිවසක් සාදා නිම කල අතර, එම නිවස නිවැසියන් වෙත ලබාදීමේ වැඩසටහන 2024.07.11 වන දින 0950 පැයට පවත්වන ලදී.

ඒ අනුව එම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආඥාපති ආරක්ෂක සේනාව (මධ්‍යම) සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වූ අතර, සෙසු අමුත්තන් ලෙස 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරි, මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ (විශ්‍රාමික), ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රොෂාන් කන්නන්ගර ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් නිලන්ත විජේසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරි කිහිපදෙනෙකු එම උත්සවය සඳහා සහභාගි වන ලදී.