Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th January 2024 11:36:37 Hours

8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භඨ පිරිස් සාගම වැවෙහි වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

රටේ පවතින වැසි සහිත කාලගුණයත් සමග නැගෙනහිර ප්‍රදේශයේ වැව්වල ජල මට්ටම ඉහළයාමත් සමගම 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාගම ග්‍රාමසේවා වසමේ පිහිටා ඇති සාගම වැවෙහි වැව් බැමිමේ කොටසක් ඉරිතැලිමකට ලක්වි ඇති බවට එම වැව භාර වාරිමාර්ග ඉන්ජිනේරු විසින් 2024 ජනවාරි මස 09 දින පමන ඒකකය දැනුවත් කර ඇත. ඒ අනුව 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් නිලධාරියෙක් සහ සෙසු නිලයින් 10 ක විසින් හානිය සිදුවි ඇති ස්ථානයට පිටව ගොස් වැලි කොට්ට අතුරා නැවත ප්‍රතිසංස්කරණය කර ඇත. මේ සදහා තම්බිලුවිල් වාරිමාර්ග ඉන්ජිනේරු ඇතුළු නිලධාරින් පිරිසක් සහ ග්‍රාම නිලධාරි ද සහභාගි වි ඇත.

මෙම ආපදා වැඩසටහන 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිග්‍රේඩියර් කේපීඑල් අමුණුපුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මගපෙන්විම යටතේ සහ 8 වන බළඇණිය ශ්‍රීලංකා ජාතික ආරක‍්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් ඊඩීඑස්කේ දෙනියාය යන නිලධාරිගේ උපදෙස් මත සිදු කරන ලදී.