Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th September 2022 12:32:49 Hours

8 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භට පිරිස් විසින් වෛද්‍ය සත්කාරක කඳවුරක් පවත්වයි

24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ භට පිරිස් විසින් අම්පාර තිරුක්කෝවිල් මූලික රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව 2022 අගෝස්තු 30 වන දින තිරුක්කෝවිල් ළමා අධ්‍යාපන මධ්‍යස්ථානය උම්රි හි වෛද්‍ය ප්‍රතිකාර වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සදහා තිරුක්කෝවිල් මූලික රෝහලේ වෛද්‍යවරුන් 16 දෙනෙකු සහ සහයකයින් 8 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වූ අතර, සංගමන්ග්‍රාමම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල රෝගීන් 331 දෙනෙකු මෙම වෛද්‍ය සායනය මගින් ප්‍රතිකාර ලබාගැනිම සදහා සහභාගි වන ලදි.

මෙම වැඩසටහන සදහා 242 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බිජිඑස් ප්‍රනාන්දු යුඒස්පි පිඒස්සි ඒච්ඩිඑම්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ අණදෙන නිළධාරී මේජර් එස්ජේ අමදෝරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරි, නිළධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී විය.