Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

09th November 2023 15:49:59 Hours

8 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් තිරුක්කොවිල් ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා ‘මත්ද්‍රව්‍ය නිවාරණ’ වැඩසටහනක් සංවිධානය කරයි

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩීයු පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත 8 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව විසින් 2023 නොවැම්බර් 6 වන දින සිසුන් 300 දෙනෙකුගේ සහභාගීත්වයෙන් තම්බිලුවිල් මධ්‍ය මහා විද්‍යාලයේ සහ තිරුක්කෝවිල් එම්.එම්.ටී.එම් පාසලේදී ‘නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ උතුරු සහ නැගෙනහිර පළාත් සම්බන්ධීකරණ නිලධාරී එම්.එම්.පී.බී.එම් රෂාඩ් මහතා විසින් දේශණය පවත්වන ලද අතර, දේශණය මගින් අහිතකර බලපෑම්, නීති විරෝධී ද්‍රව්‍ය, භයානක ඖෂධ වර්ග සහ එවැනි දේ භාවිතයෙන් වන ප්‍රතිවිපාකවල බලපෑම පිළිබඳව අවධානය යොමු කරන ලදී

.

මෙම වැඩසටහන 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි, සහ 242 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේපීඑල් අමුණුපුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලද අතර, 8 වන බළඇණිය ශ්‍රීලංකා ජාතික ආරක‍්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් ඊඩීඑස්කේ දෙනියාය යන නිලධාරි විසින් සංවිධානය කරන ලදී.