?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th February 2026 13:10:35 Hours

78 වන නිදහස් දින සැමරුමට සමගාමීව වැඩසටහන් සිදුකිරීම

78 වන නිදහස් දින සැමරුමට අදාලව තිරුක්කොව්ල් ප්‍රාදේශයේ ලේකම් කොට්ඨාශයේ යෞවනයන් හා මෙම ඒකක භඨපිරිස් ශ්‍රමදායකත්වයෙන් උදයසූරියන් ක්‍රිඩාංගනය පිරිසිදු කිරීම් හා නඩත්තු කිරීම් සිදුකර තිරුක්කොව්ල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්‍රීඩා සමාජ අතර 2026.02.04 දින 1300 පැයේ සිට 1800 පැය දක්වා සුහද ක්‍රිකට් තරගාවලියක් යුද්ධ හමුදා උපදෙස් වලට අනුව පවත්වන ලදි. එම තරගාවලිය ප්‍රාදේශිය ලේකම් කාර්.යාලය - තිරුක්කෝවිල් නිලධාරින්, ප්‍රාදේශිය සභාව - තිරුක්කෝවිල් නිලධාරින්, කළාප අධයාපන කාර්.යාලය - තිරුක්කෝවිල් නිලධාරින් හා මහජන බැංකුව - තිරුක්කෝවිල් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.

ඒ අනුව අදාල ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වූ සියලුම කණ්ඩායම් වෙත දිවා ආහාරය, සිසිල් පැන් සංග්‍රහ, කෙටි ආහාර වේලක් ලබාදුන් අතර ජයග්‍රාහී කණ්ඩායම් වෙත ශුරතාවය, අනුශූරතාවය, හොදම පිතිකරු, හොදම පන්දු යවන්නා සහ තරගාවලියේ වීරයා හට කුසලාන සහ සම්මාන පිරිනමනු ලැබූ අතර සහභාගී වූ සියලුම කණ්ඩායම් සාමාජිකයින් වෙත සහතික පත්‍ර බෙදාදෙන ලදී.

මෙම වැඩසටහන 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එන්කේඩි බංඩාර ආර්.ඩබ්ලිව්පි ආර්.එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි, 242 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේජිඒටි කැලෑ කෝරලේ ආර්.එස්පි යන ජේෂ්ඨ නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ සහ 8 වන බළ ඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි මේජර් කේඩි ලියනගේ ජේෂ්ඨ නිලධාරිගේ පුර්.ණ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.