?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th February 2026 15:13:12 Hours

78 වන නිදහස් දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් සම්ප්‍රදායික වැඩසටහන් සදහා මුල් තැනක් දෙමින් රුක් රෝපණ වැඩසටහනක් සහ සුහදත්වය වර්ධනය කිරිමේ අරමුණින් ක්‍රිකට් තරඟාවලියක් පැවැත්විම

78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, 2026 පෙබරවාරි 04 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) කාර්යාල පරිශ්‍රයේදී සම්ප්‍රදායික වැඩසටහන් සදහා මුල් තැනක් දෙමින් රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන්. හා මඟ පෙන්වීම යටතේ නිදහස් දින සැමරුමට සමගාමීව තිරසාරභාවය ප්‍රවර්ධනය කරමින් ජාතික නිදහස සංකේතවත් කිරීම සඳහා මෙම වැඩසටහන් සංවිධානය කරන ලදී.

තවද, ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති තුමාගේ සංකල්පයකට අනුව, නිදහස් දිනයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ක්‍රීඩා පිටියේදී සුහදත්වය වර්ධනය කර ගැනීම උදෙසා ශ්‍රි ලංකා මහා වැලි අධිකාරිය - වැලිකන්ද ආයතනය සමගින් ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා ආසේමු (නැ) ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සෙසුනිළයින් හා ශ්‍රි ලංකා මහා වැලි අධිකාරිය - වැලිකන්ද ආයතනයේ නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි