?
05th February 2026 14:52:39 Hours
78 වන ජාතික නිදහස් දිනය සමගාමීව ත්‍රිකුණාමල වෙරළ තීරයේදී උත්සවීය හමුදා ගරුත්වය සහ ගැඹුරු දේශප්‍රේමී හැඟීම් මැද සමරනු ලැබීය. මෙම ඡාතික නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සහභාගී විය.
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.
දවසේ වැඩසටහන් සාම්ප්‍රදායික හමුදා චාරිත්‍රානුකූලව ආරම්භ විය. ගරු ආණ්ඩුකාරතුමා විසින් මගුල් බෙර නාද මැද ජාතික ධජය එසවීම සිදුකළ අතර, පාසල් සිසුන් විසින් ජාතික ගීය ගායනා කරන ලදී.
රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව රැක ගැනීම වෙනුවෙන් ජීවිත පූජා කළ වීර රණවිරුවන් සහ සියලු දේශප්‍රේමීන් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ගෞරවය දැක්වීය.
ඉන් අනතුරුව ගරු ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා උත්සව සභාව අමතමින් 78 වන ජාතික නිදහස හිමිවීමේ වැදගත්කම අවධාරණය කළ අතර, රටේ ඉදිරි සංවර්ධනය සහ සෞභාග්‍යය වෙනුවෙන් සියලු පුරවැසියන්ට පැවරෙන සාමූහික වගකීම පිළිබඳවද අවධානය යොමු කළේය.
මෙම උත්සවය සදහා හමුදා සහ සංස්කෘතික ගෞරවය එක් කරමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සන්නද්ධ ගෞරව පෙළපාලියක් පවත්වන ලදී. එයට අමතරව, පාසල් සිසුන් විසින් ඉදිරිපත් කළ කලාත්මක දර්ශනයක් සහ විවිධ වර්ණවත් සංස්කෘතික අංගද පැවැත්විණි.