Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th February 2024 15:18:25 Hours

76 වන නිදහස් දිනයට සමගාමීව 23වන පාබල සේනාංකය විසින් සිවිල් සුභසාධක වැඩසටහන් මාලාවක් සිදුකරයි.

76 වන නිදහස් දිනයට සමගාමීව 23වන පාබල සේනාංකය හා යටතේ පාලනය බළසේනා/ ඒකක වෙතින් බළප්‍රදේශය තුල සිවිල් සුභසාධක වැඩසටහන් 2024.02.01, 02 හා 03 යන දිනයන් පුරා සිදුකරන ලදී.

23වන පාබල සේනාංක භඨපිරිස් විසින් වැලිකන්ද, මොණරතැන්න ප්‍රාථමික විද්‍යාලය ශුද්ධ පවිත්‍ර කිරීම, 231 වන පාබල බළසේනාවේ සහ 7වන ශ්‍රීලකාහ භඨපිරිස් විසින් හිගුරක්ගොඩ රෝහල් පරිශ්‍රය ශුද්ධ කිරීම, 12 ගැහේබ භඨපිරිස් විසින් සිලුමිණ සෑය රජමහා විහාර භූමිය පිරිසිදු කිරීම, 232වන පාබල බළසේනාවේ භඨපිරිස් සහ 12 ශ්‍රීලංජාආබමු භඨපිරිස් විසින් පුලිපංචිකල් ශ්‍රී ඝණපති කෝවිලේ ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවට සෙත්පතා ආශිර්වාද පූජාවක් පැවැත්වීම, 233 පාබල බළසේනාවේ භඨපිරිස් විසින් වාකරේ පොදු ක්‍රීඩාංගනය පිරිසිදු කර වේදිකාවේ තීන්ත ආලේප කිරීම, 9 ශ්‍රීලකාහ භඨපිරිස් විසින් සිංහපුර මාතෘ සායන මධ්‍යස්ථානය පිරිසිදු කිරීම, 7වන ගැහේබ භඨපිරිස් විසින් වාකරේ රෝහල් භූමිය පිරිසිදු කිරීම මෙන්ම මීයන්කුළම් සිට රිදීතැන්න දක්වා දිවෙන A 11 ප්‍රධාන මාර්ගය දෙපස පිරිසිදු කිරීම සිදුකරන ලදී.

මෙම ප්‍රජාසත්කාර වැඩසටහන් සියල්ල 23වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ‌මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්ඒස්පී යූඒස්පී පීඒස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම මත 231, 232, 233 පාබල බළසේනාධිපති වරුන්ගේ අධීක්ෂණය යටතේ 7 ශ්‍රීලකාහ, 9 ශ්‍රීලකාහ, 7 ගැහේබ, 12 ගැහේබ හා 12 ශ්‍රීලංජාආබමු ඒකක වෙතින් නිලධාරීන්/සෙසුනිලයන් 10x180 ක සහභාගීත්වයෙන් සිදුකල අතර, 139 කට අධික ප්‍රදේශවාසී ජනතාවන් සහ 55 කට අදික රෝහල් කාර්ය මණ්ඩලයන්ද සියලු ප්‍රජාසත්කාරයන් සදහා භඨපිරිස් සමග සහභාගී වන ලදී.