Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

05th February 2024 12:57:23 Hours

76 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අභිමාණවත් ලෙස සමරයි.

76 වන ජාතික නිදහස් දිනය සැමරීම සදහා 23වන පාබල සේනාංක බළප්‍රදේශයට අයත් ඔඩ්ඩමාවඩි සහ වාලච්චේන ජනතාව 2024.02.04 දින ඔඩ්ඩමාවඩි පාලම අසල පිහිටි මියගිය වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී නිදහස් උත්සවය පවත්වන ලදී.

එහිදී ප්‍රදේශවාසී ජනතාව ඔඩ්ඩමාවඩි නගරය වටා පාගමනින් ජාතික ධජ රැගෙන ගමන් කර ඔඩ්ඩමාවිඩි පාලම අසල පිහිටුවා තිබෙන යුද්ධයෙන් මියගිය ප්‍රදේශයේ ජනතාව සිහිකිරීම සදහා පිහිටා ඇති ස්මාරකය අසලට පැමිණෙන ලදී. නගරයේ සියලු ස්ථාන ජාතික ධජ ඔසවා අලංකාර කර තිබූ අතර පාගමන සදහා සිංහල පාසල් සිසුන් 75ක් ද ද්‍රවිඩ පාසල් සිසුන් 25ක් ද මුස්ලිම් පාසල් සිසුන් 75ක් සහ ප්‍රදේශවාසී ජනතාව සමග සහභාගී වන ලදී. පාගමන විචිත්‍රවත් සංස්කෘතිකාංග මගින් අලංකාරවත් විය.

පාගමන අවසානයේදී ජාතික ධජය එසවීම 23වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී සින් සිදුකරන ලද අතර, සියලු ජාතීන් නියෝජනය කරමින් පාසල් සිසුන් වීසින් ජාතික ගීය ගායනා කරන ලදී. අනතුරුව සර්ව ආගමික වතාවක් සිදුකර ඔඩ්ඩමාවඩි කලපුවේ සූදානම් කර තිබූ ඔරු පැදීමේ තරගාවලියක් පවත්වන ලදී.

මෙම කාර්යන් ඉටුකිරීමේදී 23වන පාබල සේනාංකය මගින් සිසුන් ප්‍රවාහනය සදහා බස් රථ 03ක් ලබාදුන් අතර, උත්සව අවස්ථාවට සහභාගීවූ පාසල් සිසුන් සදහා දිවා ආහාර පාර්සල් 420ක් ද පැමිණ සිටි 1000 කට අධික ජනතාවට අවැසි ජල අවශ්‍යතාවය සපුරාදිම සහා ක්ෂේත්‍ර වැසිකිළි ඉදිකර දිම සිදුකරන ලදි.