08th October 2024 09:11:52 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 2024 ඔක්තෝබර් මස 02 දින මඩකලපුව ලේ බැංකුව සමඟ සහයෝගීතාවයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) විසින් ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම විශේෂ දිනයේ ලේ පරිත්‍යාග කිරීමට සදහා නිලධාරීන් සහ සෙසුනිලයින් 120 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බැවින් මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස සිදුකරන ලදී.