Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

11th October 2023 08:41:50 Hours

74 වන යුද්ධ හමුදා සංවත්සරය සමාජ මෙහෙවරක් සිදුකරමින් 22 වන පාබල සේනාංකය සමරයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සරයට සමගාමීව සිදුකරනු ලබන සමාජ මෙහෙවරක් ලෙස 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් මත 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්එස්එස් ඩයස් ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම සහ අධීක්‍ෂණය යටතේ සේරුවිල සහන සෙවන තුල නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා ඇති අයවළුන් හට අවැසි දෑ පිරිනැමීමේ වැඩසටහනක් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් 2023.10.6 වන දින පෙව: 1100 පැයට සහන සෙවන පරිශ්‍රය තුල පවත්වන ලදී. මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදුකිරීම සදහා වන මුල්‍යමය අනුග්‍රාහක දායකත්වය කොළඹ රාජකීය විද්‍යාලීය ආදිශිෂ්‍ය මිතුරුකැල සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ආදි විද්‍යාර්ථ මිතුරුකැල සමගින් “සුව දරු 2023” වැඩසටහනේ ප්‍රධාන සංවිධායක ප්‍රසාද් ලොකුබාලසුරිය මහතා විසින් ලබාදී ඇත

මෙම වැඩසටහන ගරුතර මහා සංඝරත්නයට දන් පිලිගැන්වීමෙන් අනතුරුව ආරම්භ කරන ලද අතර, එහි දී දශක තුනකට වැඩි කාලයක් පැවති කුරිරු ත්‍රස්ථවාදය නිමා කිරීම උදෙසා තම ජීවිත පරිත්‍යාග කරනු ලැබු වීරෝදාර රණවිරුවන් සිහි කර ඔවුන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීමත්, රණක්‍ෂිතයට පත් සියළුම රණවිරුවන් හට නිදුක් නිරෝගී සුවජීවනය ලැබේවා යන්න ප්‍රර්ථනා කරමින් පිං අනුමෝදන් කරන ලදී. ඉන් අනතුරුව සහන සෙවනේ කාර්යය මණ්ඩලයේ තිදෙනෙකුට හා නේවාසිකව සිටින 32 දෙදෙනෙකු හට නිළඇදුම් කට්ටල බෙදාදීම, වියලි සළාක හා අනෙකුත් අවශ්‍යතා පරිත්‍යාග කිරීම සහ ඔවුන් සියළු දෙනා වෙත දිවා ආහාරය පිලිගැන්වීමද සිදුකරන ලදී

මෙහිදී එහි නේවාසිකව සිටින අයවළුන් විසින් පැමිණ සිටි අමුත්තන් වෙනුවෙන් නර්ථන සහ ගායන අංග ඇතුලත් ප්‍රසංගයක් ද පවත්වන ලදී. මෙම අවස්ථාව සදහා 22 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේකේඑස් පැරකුම් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්එස්එස් ඩයස් ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි සුව දරු 2023 වැඩසටහනේ සංවිධායක ප්‍රසාද් ලොකු බාලසූරිය මහතාද සහභාගි වන ලදී. එමෙන්ම 222 පාබසේමු හා 9 විපාරෙ වෙතින් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරින් සෙසුනිළයන් හා සිවිල් සේවක මහතුන් ද සහභාගිවන ලදී