?
02nd February 2026 10:20:19 Hours
78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අනුව දිවයිනම ආවරණය වන පරිදි ත්‍රිවිධ හමුදා කඳවුරු මූලික කර ගනිමින් සිදු කරනු ලබන වැඩසටහන් අතුරින් 7 වන සැහැල්ලු කාලතුවක්කු රෙජිමේන්තුව විසින් සැලසුම් කරන සමාජ සත්කාරක වැඩසටහන 2026 ජනවාරී මස 31 වන දින සිදු කරන ලදි.
ඒ අනුව, මෙම පාබසේමු යටතේ පාලනය වන 7 ශ්‍රිලකාහ ඒකකය වෙතින් 04x 25 භඨපිරිස් ප්‍රමාණයක සහභාගිත්වයෙන් මින්නේරිය වැව්බැම්ම සහ මින්නේරිය දේවාලය ආශ්‍රිත මාර්ගය දෙපස අපද්‍රව්‍ය (ප්ලාස්ටික්, පොලිතීන් වැනි දිරාපත් නොවන) එක්රැස්කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සිදුකරන ලදි.