Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th May 2023 10:38:04 Hours

7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සහ 12 වන ගැමුණු හේවා බලඇණියේ භඨ පිරිස් විසින් පොළොන්නරුව ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදී

මේ දිනවල රටතුල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා රජය දියත් කරන ඩෙංගු මර්දන වැඩසටහනට සහය දැක්වීම පිණිස මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාදුන් උපදෙස් අනුව සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මගපෙන්වීම මත 234 වන පාබල බලසේනාවෙහි අධීක්ෂණය යටතේ ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන ලදී.

මේ සදහා 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සහ 12 වන ගැමුණු හේවා බලඇණියේ භඨපිරිස් විසින් පොළොන්නරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ (MOH) සම්බන්ධීකරණයෙන් 2023 මැයි 24 වන දින පොළොන්නරු ප්‍රදේශය ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව 01 x 50 භටපිරිසක් සහ 12 වන ගැමුණු හේවා බලඇණියේ 01 x 50ක භඨපිරිසක්, පොළොන්නරුව (MOH) හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොළොන්නරුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සහ සිවිල් ප්‍රජා සාමාජිකයින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අත්වැල් බැඳගත්හ.

මෙම වැඩසටහනේදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳව පරීක්ෂාවට ලක් කරන ලද අතර, එම අවස්ථාවේදීම තම ගෙවත්ත පිරිසුදුව හා පිළිවෙලට තබා ගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබාදෙන ලදී.