Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th September 2022 17:38:56 Hours

7 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය විසින් තවත් ව්‍යාපෘතියක් ආරම්භ කරයි

පාසල් සංවර්ධන ව්‍යාපෘතියන්ට සමගාමීව තවත් එක් පිටවරක් ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩ/මන්මුනේ බටහිර පාවට්කොඩිච්‍‍චේනෛ විද්‍යාලයේ විදුහල්පති තුමන්ගේ ඉල්ලිමකට අනුව නව ක්‍රිඩා පිටියක් සකස් කිරිම සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 2022.09.07 වන දින පාසල් ක්‍රීඩා පිටියේදී ව්‍යාපෘති කටයුතු ආරම්භ කරන ලදී.

මෙම ක්‍රිඩා පිටිය සකස් කිරිමේ කටයුතු 7 වන ශ්‍රී ලංකා ඉංජිනේරුවන් සේවා බළකාය වෙත භාර දි ඇති අතර මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් විසින් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය කඩිනමින් කරගෙන යැම සදහා යුද හමුදා භට පිරිස්ගේද ශ්‍රම දායකත්වය ලබා දෙනු ඇත.

මෙම ව්‍යාපෘතියේ අරම්භක උත්සවය සදහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ජිආර්ආර්පි ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි, මඩකලපුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අහිලා කනගසූරිය මහත්මිය, 231 පාබල බලසේනාවේ බලසේනාධිපති, 23 වන පාබල සේනංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි, ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ප්‍රධාන සිවිල් සම්බන්ධීකරන නිලධාරී සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරී ඇතුළු නිළධාරින් සහ සෙසු නිළයින් සහභාගි වන ලදි .