Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th December 2022 13:02:08 Hours

7 වන බුද්ධි බළකායේ භඨ පිරිස් විසින් නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම

222 පාබල බලසේනාවට අනුයුක්ත 7 වන බුද්ධි බළකායේ භඨ පිරිස් වෙත ලැබුණ තොරතුරකට අනුව, කන්තලේ පොලිස් නිළධාරීන් සමග බුද්ධි භටපිරිස් එක්ව 2022 දෙසැම්බර් 25 වන දින ගංතලාවේදී “Methamphetamine” (Ice) මිලිග්‍රෑම් 60ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

තවද, එම දිනයේදීම ගංතලාව ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්ද්‍රවය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කේරළ ගංජා ග්‍රෑම් 04ක් සමග 7 වන බුද්ධි බළකායේ භටපිරිස් සහ කන්තලේ පොලිස් ස්ථානයේ නිළධාරින් එක්ව අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් වැඩිදුර විමර්ශණ සඳහා කන්තලේ පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කර ඇත.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 222 පාබල බලසේනාවේ බලසේනාධිපති එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කරන අතර, මෙම වැටලීම් මගින් හමුදාව කෙරෙහි ජනතාවගේ විශ්වාසය ඉහළ නැංවීමට ඉවහල්වනු ඇත.