Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th May 2024 09:02:45 Hours

6වන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකිරීම සදහා මුල්ගල තබන ලදි.

22වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පි ඒ එම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව කොළඹ ඇතුල් කෝටිටේ ෆෙරී මාවතේ පදිංචි ඩෲවී පෙරේරා මහතාගේ මුල්‍ය ධන පරිත්‍යාගයෙන් ත්‍රිකුණාමල බක්මිගම පදිංචි අඩුආදායම් ලාභි පවුලක් වන ජි එල් රංජිත් පියරත්න මහතාට නව නිවසක් ඉදිකිරිම සදහා 2024.05.22 දින සුභ මොහොතින් මුල්ගල තැබිම සිදුකරන ලදී. මෙම නිවස ඉදිකිරිම සදහා 223 පාබල බලසේනාධිපති තුමාගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සහ 6වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙහි ඒකක අණදෙන නිලධාරි සහ නිලධාරින්ගේ මගපෙන්විම හා සෙසු නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් එම නිවස ඉදිකිරිමට සැලසුම් කරන ලදි.

තවද, මෙම උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 22වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පි ඒ එම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර මෙම අවස්ථාවට, 223 වන පාබල බලසේනාවේ බලසේනාධිපති වයි එචි පි රංගජිව යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි, 6 වන ආධාරක රෙජිමේන්තුව ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙහි ඒකක අණදෙන නිලධාරි, අනෙකුත්ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම්තුමා සහ ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට සහභාගි වන ලදි.

මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු මාස තුනක කාලසීමාවක් ඇතුලත නිම කිරීමට කටයුතු කරන අතර, ඉන් අනතුරුව නිවාස ලාභියා වෙත පිරිනැමීමට අපේක්‍ෂා කරනු ලබයි.