Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th April 2024 09:34:11 Hours

6 වන ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් නව නිවසක් අඩු ආදායම් පවුලක් වෙත භාර දෙයි

නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උදාර සංකල්පයකට අනුව 22 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්විම සහ සමිබන්ධිකරණය මත අංක 23 විජේරාම මාවත උඩහමුල්ල ලිපිනයේ පදිංචි යු අනුරාධ කොතලාවල මහතාගේ මුල්‍ය ධන පරිත්‍යාගයෙන් 22 සේනාංකාධිපති තුමාගේ හා 223 පාබල බලසේනාධිපති තුමාගේ පුර්ණ අධික්‍ෂණය යටතේ මෙම ඒකක අණදෙන නිලධාරි තුමන්ගේ සහ නිලධාරින්ගේ මගපෙන්විම හා සෙසු නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශිය ලේකමි කාර්යාලයට අයත් 10 කණුව, කිතුල් උතුව,මොරවැව පදිංචි ජි ආර් චමින්ද කුමාර මහතාට සහ පවුලේ සැමට නව නිවසක් ඉදිකිරිම සදහා 2024.01.12 වන දින මුල් ගල තබන ලදි.

ඒ අනුව මෙම නිවස මාස තුනක් වැනි කෙටි කාලයකින් ඉදිකර 2024.04.09 වන දින 1145 පැයට යෙදුන සුභ මොහොතින් ජි ආර් චමින්ද කුමාර මහතා හා එම පවුලේ අයවළුන් හට 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පි ඒ එමි පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගෙන් හා යු අනුරාධ කොතලාවල මහතාගේ මෙම නිවස භාර දෙන ලද අතර, මෙම නිවස ඉදිකිරිම සදහා මුල්‍ය ධන පරිත්‍යාගය ලබා දුන් යු අනුරාධ කොතලාවල මහතාගේ තවත් සමාජ සත්ක්‍රියාවක් වශයෙන් මෙම බලප්‍රදේශයේ දිළිදු පවුල් 20 ක් සදහා වියළි සලාක මලූ එතුමා විසින් මෙම අවස්ථාවේදි ඛෙදා දෙන ලදි.

ඒ අනුව උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පි ඒ එමි පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා සහ යු අනුරාධ කොතලාවල මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසද ,සෙසු ආරාධිත අමුත්තන් ලෙස, 223 වන පාබල බලසේනාවේ බලසේනාධිපති වයි එචි පි රංගජිව යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි, 6 වන රෙජිමේන්තුව ශ්‍රිලසසබ අණදෙන නිලධාරි - ලුතිතන් කර්නල් එස්යුබි පිළිමතලාව පිඑස්සි, 15 වන බලඇණිය පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එන් සි මාරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා ශ්‍රි ලංකා ගුවන් හමුදා කඳවුරේ දෙවන අණදෙන නිලධාරි - ස්කොඩ්‍රන් ලීඩර් බැස්ටියන්, මොරවැව ප්‍රාදේශිය ලේකමි - ඒ නවේෂ්වරන් මහතා,මොරවැව ප්‍රාදේශිය සභාවේ ලේකමි - ඒ කේ විජේතුංග මහතා, මොරවැව පොලිසියේ පොලිස් ස්ථානාධිපති නාකන්දර මහතා ඇතුලු ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.