Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th September 2022 12:59:04 Hours

6 ගජබා රෙජිමේන්තු භඨපිරිස් විසින් මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන ලදී.

233 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි 6 වන ගජබා රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් 2022 සැප්තැම්බර් 18 වන දින පනිච්චන්කේනි සිට සල්ලතිව් දක්වා දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලදී.

මෙම මාර්ගය 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ජානක රණරාජා ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය යටතේ "පුත්‍ර ඉදිකිරීම් සහයෝගිතා" ආයතනයේ අනුග්‍රහය ඇතිව නාවල්ලඩි ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණය කරන ලදී.

මෙම මාර්ගයේ ඉදිකිරීම් පනිච්චන්කේනි සහ සල්ලතිව් යන ප්‍රදේශයේ ජීවත් වූ ජනතාවට ඉමහත් ප්‍රතිලාභයක් ලබා දුන්නේය.