?
21st January 2026 12:22:37 Hours
දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අවතැන්වූ හා පීඩාවට පත්වූ ජනතාව වෙත සහන සැලසීම වෙනුවෙන් 22 වන පාබල සේනාංකයේ හා මේජර් ජෙනරාල් ඒපීඅයි ප්‍රනාන්දු (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ඥාති සහෝදරියක වන ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින වෛද්‍ය යමානි ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් හා හිතමිතුරන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් වියළි සලාක මළු 121 ක ප්‍රමාණයක් මොරවැව ප්‍රදේශයේ විපතට පත් පවුල් 121 ක් සඳහා බෙදාදීමේ ප්‍රජා සත්කාරමය වැඩසටහනක් මෙම ඒකක බලප්‍රදේශයේ පිහිටි මොරවැව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි 2026 ජනවාරි මස 20 වන දින පවත්වන ලදී.
මෙම වැඩසටහන 221 වන බලසේනාවේ පූර්ණ අධීක්ෂණය හා සම්බණ්ධිකරණය යටතේ, 221 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බිඒඑම්සි බෙලිගස්වත්ත ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ මොරවැව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශිය ලේකම් ඒ. නවේෂ්වරන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ලදි. මෙම වැඩසටහනේ අරමුණ වුයේ පසුගිය සමයේ පැවති ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් ජනතාවට සහන සැපයිමයි.
මෙම කාලෝචිත වැඩසටහන මගින් හදිසි ආපදා අවස්ථාවලදී සිවිල් ජනතාවට ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ලබා දෙන සහයෝගය පිළිබිඹු කරයි.