Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd December 2023 10:23:37 Hours

5 (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් සීනිපුර ක්‍රිස්තු රජුගේ දේවස්ථානය පින්තාරු කරයි

වසර පනහකට අධික කාලයක් සීනිපුර ප්‍රදේශයේ ඉපැරණි සීනි කම්හල් පරිශ්‍රයේ පිහිටි ක්‍රිස්තු රජුගේ දෙව්මැදුර වසර තිහකට ආසන්න කාලයක් අඛණ්ඩව දේව මෙහෙයන් පැවැත්වීමට නොහැකි වූ අතර, 2023 නොවැම්බර් 25 වන දින නැවතත් කොඩිය එසවීමෙන් පසුව දේව පූජාවන් 2023 නොවැම්බර් 26 වන දින සිදු කරන ලදී.

මේ සදහා 5 (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් දේව මෙහෙය ආරම්භ කිරීම සඳහා 2023 නොවැම්බර් 24 වන දිනට සමගාමීව දේවස්ථානය පින්තාරු කිරීම සහ ඒ අවට පිරිසිදු කිරීමේ කටයුතු සිදුකල අතර 222 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර් කේ ඒ ආර් පි රත්නායක ආර්එස්පි යුඑස්පි පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මඟපෙන්වීම මත 5 (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ් ඩබ් එම් පී බී වෑකඩපොල යුඑස්පී පිඑස්සී අයිජි ශ්‍රීලකාහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය යටතේ එය සංවිධානය කරන ලදී.