Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th April 2024 11:06:58 Hours

5 (සෙව්) කාලතුවක්කු රෙජිමේන්තුව විසින් අවශ්‍යතා ඇති පවුලක් වෙත නව නිවසක් ඉදිකිරිමට මුල්ගල තබයි

ත්‍රිකුණාමලය සර් ධාපුර පුර ප්‍රදේශයේ පදිංචි අවශ්‍යතා ඇති පවුලක් වෙත නව නිවසක් ඉදිකර දිම සදහා මුල්ගල තැබීමේ උත්සවය 2024 අප්‍රේල් මස 25 වන දින සුභ මොහොතින් සිදු කරන ලදි.

22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් යටතේ සිදු වන මෙම ඉදි කිරිම සදහා මූල්‍යමය දායකත්වය සන්තුෂ් වීරමන් මහතා විසින් ලබා දි ඇති අතර 5 (සෙව්) කාලතුවක්කු රෙජිමේන්තුවේ ශ්‍රමදායකත්වයෙන් අදාල ඉදිකිරීම් කටයුතු සිදු කිරිමට නියමව ඇත.

මෙම අවස්ථාව සදහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් සහභාගි වු අතර, සන්තුෂ් විරමන් සහ භාතිය ඡයකොඩි මහත්වරුන්, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්කේඑස් තිලකරත්න, 5 (සෙව්) කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ඩබ්එම්පීබි වෑකඩපොල යුඑස්පි පිඑස්සී අයිජී සහ නිලධාරි ඇතුලු නිලධාරීන් හා සෙසුනිලයින්, නිවාස ලාබී කේජේඑම් වසන්ත රුවන් කුමාර මහතා සහ පවුලේ අයවලුන් සහභාගි වන ලදි.