13th November 2024 10:15:35 Hours
5 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 16 වන අණදෙන නිලධාරි වශයෙන් මේජර් ඩී ජී අයි ඒ කුමාර ශ්‍රීලකාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් රාජකාරි භාරගන්නා ලදි.
5 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 16 වන අණදෙන නිලධාරි වශයෙන් මේජර් ඩී ජී අයි ඒ කුමාර ශ්‍රීලකාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024.11.06 දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි. එම අවස්ථාවට සමගාමීව ඒකකයේ භඨපිරිස් විසින් එතුමන් වෙත කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, ඉන් අනතුරුව මියගිය රණවිරුවන් වෙත උපහාර දැක්වීම රණවිරු සැමරුම් ශාලාවේදී සිදුකරන ලදි. මෙයට සමගාමීව අණදෙන නිලධාරි තුමන් විසින් අඹ පැලයක් රෝපණය කිරීමද සිදු කරන ලද අතර, නව තනතුරු භාරගැනීමට සමගාමීව භඨපිරිස් ඇමතීම, කොනොනි සමාජශාලාව තුල සියළු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම, සමුහ ඡායාරූපයකටද පෙනී සිටින ලදි. ඉන් පසු ආගමික වතාවත් මධ්‍යයේ නව අණදෙන නිලධාරි විසින් තම රාජකාරි සුභ මොහාතින් භාරගත් අතර, වැඩසටහන් මාලාව අවසානයේ අණදෙන නිලධාරි තුමන් විසින් කදවුරු සංචාරයක්ද සිදුකරන ලදි.