Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd March 2025 13:47:14 Hours

5 වන (ස්වේච්ඡා) කාලතුවක්කු රෙජිමේන්තුව වෙත කර්නල් සේනාවිධායක තුමන් සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.

සිය ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක, මේජර් ‌‌ජෙනරාල් කේ වී එන් පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 පෙබරවාරි මස 26 වන දින සීනිපුර-කන්තලේහී ස්ථාපිත 5 වන (ස්වේච්ඡා) කාලතුවක්කු රෙජිමේන්තුව වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී. එම අවස්ථාවේදී භට පිරිස් විසින් එතුමන් වෙත කඳවුරු මුරයක් පිරිනමන ලද අතර, 5 වන (ස්වේච්ඡා) කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩී ජී අයි ඒ කුමාර ශ්‍රීලකාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එතුමන් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව අණදෙන නිලධාරී විසින් ඒකකයේ භට පිරිස් යොදවා ඇති ආකාරය සහ වත්මන් ප්‍රගතිය පිළිබඳවද එතුමන් දැනුවත් කරන ලදී. මෙයට සමගාමීව එතුමන් විසින් අඹ පැලයක් සිටුවන ලද අතර, සමූහ ඡායාරූපයෙන් පසුව භට පිරිස් ඇමතීමෙන් අනතුරුව කර්නල් සේනාවිධායකතුමන් හට සිහිවටනයක් පිරි නැමීම ඒකක අණදෙන නිලධාරි සහ රෙජිමේන්තු බළලත් නිලධාරි විසින් සිදුකරන ලදි.

ඉන් අනතුරුව එතුමන් විසින් කඳවුරු සංචාරයක් ද සිදු කරන ලදි. ඉන් පසුව සමරු පොතේ සටහන් තැබී‌මෙන් අනතුරුව වැඩසටහනේ සමාප්තිය සිදු කරන ලදී.