Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th February 2023 09:03:01 Hours

5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය 24 වැනි සංවත්සරය සමරයි

5 වන ස්වේච්ඡා බලඇණිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 24 වන සංවත්සරය නිමිත්තෙන් 2023 පෙබරවාරි 05 දින සිට 10 දින දක්වා වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. බළඇණියේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් සුමින්ද හෙට්ටිආරච්චිගේ මගපෙන්වීම මත ආගමික වතාවත් සහ ක්‍රියාකාරකම්වලට මුල්තැන දෙමින් සංවත්සර සැමරුම පැවැත්විණි.

පෙබරවාරි 05 වන දින නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන බෝධි මඑවේදී බෝධි පූජා වැඩසටහනක් සහ පෙබරවාරි 06 වන දින වැලිකන්ද ප්‍රදේශය අවට භික්ෂුන් වහන්සේලා 07 නමකගේ සහභාගීත්වයෙන් දානමය පිංකම බළඇණි මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. සොල්දාදුවන් අතර සහෝදරත්වය වර්ධනය කිරීම සඳහා වොලිබෝල් තරඟාවලියක් පෙබරවාරි 07 දින සන්ද්‍යා කාලයේදී පැවැත්විණි.

24 වන සංවත්සර සැමරුම සිකුරාදා (පෙබරවාරි 10) දින භට පිරිස් විසින් වර්ණවත් කදවුරු මුරයක් සහ සම්මාන පෙළපාලියක් බළඇණියේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් සුමින්ද හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත පිරිනමන ලදී. බළඇණි දින දහවල් සියලු නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහය පැවැත් වූ අතර අවසානයේ සවස සංගීත සංදර්ශනයක් පැවැත්විණි.

බළඇණියේ 24 වන සංවත්සරය වෙනුවෙන් පැවති වැඩසටහන් සඳහා අණදෙන නිළධාරී, දෙවන අණදෙන නිළධාරී සහ බළඇණියේ නිලධාරීන් සහ අනෙකුත් සියලුම නිළයන් සහභාගී විය.