Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th December 2023 14:01:11 Hours

5 වන ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාව අග්බෝපුර ගැබිණි මව්වරුන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදෙයි

5 වන ශ්‍රීලංකා කාලතුවක්කු හමුදා බළ ප්‍රදේශයට අයත් අග්බෝපුර ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය තුලදී වෛද්‍ය සායනය සදහා සහභාගී වන අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිව සිටින තෝරාගත් ගර්භනී මාතාවන් 20 දෙදෙනෙකු හට ඔවුන්ගේ දරු ප්‍රසූතිය සදහා අවශ්‍යවන භාණ්ඩ කට්ටලයක් (රු.10,000ක් පමණ වටිනාකමකින් යුත්), දිවා ආහාර පර්සල් සහ එම ගර්භනී මාතාවන්ගේ ඉපදිමට සිටින දරුවන් වෙනුවෙන් මහජන බැංකුවේ ඉසුරු උදාන ගිණුම් 20 ක් ලබාදිමේ වැඩසහටහනක් 2023 දෙසැම්බර් මස 23 වන දින සිදු කරන ලදී.

මේ සදහා පූර්ණ ධන පරිත්‍යාගය කොළඹ ප්‍රදේශයේ පදංචි ශාන්තිලතා මහත්මිය, ඉන්ද්‍රාණි ස්වර්ණලතා මහත්මිය, කුමුදුණී මහත්මිය, වසන්ත දියවඩන මහතා සහ කමලසිරි දියවඩන මහතා විසින් සිදුකරන ලදී. එමෙන්ම මෙම වැඩසටහන සදහා අග්බෝපුර ප්‍රාදේශිය වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය ද සහභාගි විය.

මෙම වැඩසටහන 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච් කේ එස් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විම යටතේ 5 වන (සෙව්) ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ඩබ්එම්පීබී වෑකඩපොල යුඑස්පී පිඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය මත 5(සෙව්)ශ්‍රිලකාහ භඨ පිරිස්වල සංවිධාන ශක්තිය යටතේ පවත්වන ලදී. එම අවස්ථාවට ඒකකයේ නිලධාරින් හා සෙසුනිලයින් පිරිසක්ද සහභාගී වන ලදි.