Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th April 2024 20:21:59 Hours

4වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුව විසින් අඩු ආදායම්ලාහි පවුලක් වෙත නව නිවසක් ඉදිකිරිම සදහා මුල්ගල තබයි.

ත්‍රිකුණාමලය සර්ධාපුර ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකර දිම සදහා මුල්ගල තැබීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 04 වන දින සුභ මොහොතින් සිදු කරන ලදි.

22වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පිඒඑම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව එතුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදු වන මෙම ඉදි කිරිම සදහා මූල්‍යමය දායකත්වය රුචිර විතානගේ මහතා විසින් ලබා දි ඇති අතර 4වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ ශ්‍රමදායකත්වයෙන් අදාල ඉදිකිරීම් කටයුතු සිදු කිරිමට නියමිතය.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහභාගි වු අතර, නගර හා කඩවත් ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශිය ලේකම් තුමන් සහ 4වන සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරින් ඇතුලු නිලධාරීන් හා සෙසුනිලයින් මෙම අවස්ථාවට සහභාගි වන ලදි.