Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th December 2023 14:35:52 Hours

4ගැහේබ භට පිරිස් විසින් කරදියනාරු මහා විද්‍යාලයේ නත්තල් කැරොල් ප්‍රසංගයේදී සිසුන්හට කෙටි ආහාර වේලක් ලබාදෙයි

නත්තල් දිනයට සමගාමිව කරදියනාරු මහා විද්‍යාලය වෙතින් සංවිධානය කරන ලද (ඔලිවිලා) නත්තල් කැරොල් ප්‍රසංගය තන්නමුනේ ශාන්ත ජෝශප් දේවස්ථානයේ ගරු මෙරුෂාන් හෙන්රික් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.12.21 වන දින 1100 පැයේ සිට 1430 පැය දක්වා කරදියනාරු මහා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි ගුරුවරුන් 35 දෙනෙකු සහ පාසල් ළමුන් 400 කගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් පරිදි එම නත්තල් කැරොල් ප්‍රසංගය සදහා සහභාගි වු පාසල් ළමුන් 400ක් සදහා 4 ගැහේබ ඒකකය වෙතින් කෙටි ආහාර වේලක් ලබාදිමේ වැඩසටහනක් එම ඒකක නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.