Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th November 2023 08:59:42 Hours

4 වන ගැමුණු හේවා බළඇණියේ බලඇණි පුහුණු පාඨමාලාවේ නිමාව

4 ගැමුණු හේවා බළඇණියේ බලඇණි පුහුණු පාඨමාලාව නිලධාරීන් 9 දෙනෙකු සහ සෙසු නිලයින් 286 දෙනෙකු සමඟ 2023 සැප්තැම්බර් 18 වන දින පූනානි බලඇණි පුහුණු පාසලේදී ආරම්භ විය. පාඨමාලාව 2023 නොවැම්බර් 06 දින ඉතා සාර්ථක සටහනක් සමඟින් අවසන් කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිඡිඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සමාප්ති දේශනය පවත්වන ලද අතර දක්ෂතා දැක්වූවන් සඳහා ත්‍යාග ප්‍රදානය කරන ලදී. සමාප්ති උත්සවය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, 232 පාබල බලසේනාවේ බලසේනාධිපති, 23 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) විසින් දක්ෂතම ශිෂ්‍යයාට හිමි කුසලානය සැරයන් එම්.ආර් කැලුම් චන්දන ද, දක්ෂතම වෙඩික්කරු ලෙස කෝප්‍රල් පී.එම් වීරක්කොඩි ද, දක්ෂතම ශාරීරික යෝග්‍යතා සෙබලා ලෙස ලාන්ස් කෝප්‍රල් ඩී.එම්.එම් දිසානායක ද සම්මානයෙන් පිදුම් ලැබූහ. හොඳම කණ්ඩායමට හිමි කුසලානය ‘C’ කණ්ඩායමට ද ‘B’ කණ්ඩායමට හොඳම සාමුහික කණ්ඩායම සඳහා කුසලානය ද පිරිනැමිණි.