Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

31st December 2023 22:30:27 Hours

4 වන ගැමුණු හේවා බළඇණියේ ඕසානමි විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සදහා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදිමේ වැඩසටහනක් සංවිධානය කරයි

2023 වර්ෂයේ නත්තල් දිනයට සමගාමිව 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි සහ සියලු නිලයන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සතුරුකොණ්ඩාන් ප්‍රදේශයේ පිහිටි ඕසානමි විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සදහා වන මධ්‍යස්ථානයේ ළමුන් 26 දෙනෙකු සදහා රුපියල් තිස් පන්දහසක් (රු:35000) පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදිමේ වැඩසටහනක් 2023.12.26 වන දින සිදුකරන ලදි.

එම අවස්ථාව සදහා 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි මේජර් එස්පිඅයිඑච් සේනානායක ජ්‍යෙෂ්ඨ නිලධාරි, එම මැතිණිය ඇතුලු ඒකකයේ නිලධාරින් සහ භඨපිරිස් සහභාගිවු අතර, මෙහිදි එම මධ්‍යස්ථානයේ කළමණාකාර යු ආනොල්ඩ් වත්සලා මහත්මිය විසින් සංකේතාත්මකව එම ද්‍රව්‍ය භාරගන්නා ලදි.