Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st May 2023 11:52:47 Hours

4 වන ගැමුණු හේවා බලඇණියේ සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී.

මේ දිනවල රටතුල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා රජය දියත් කරන ඩෙංගු මර්දන වැඩසටහනට සහය දැක්වීම පිණස මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලබාදුන් උපදෙස් අනුව සහ 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය යටතේ පුනානි හි 23 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 231 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදී.

4 වන ගැමුණු හේවා බලඇණියේ සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ (MOH) සම්බන්ධීකරණයෙන් 2023 මැයි 16 වන දින මඩකලපුව නගරයේ සහ මන්මුනේ නගරයේ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

4 වන ගැමුණු හේවා බලඇණියේ 1 x 24 භට පිරිසක් සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහරෙජිමේන්තුවේ 20ක භට පිරිසක්, මඩකලපුව සහ මන්මුනේ MOH හි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2 ක්, මඩකලපුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 6 ක් සහ මන්මුනේ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 4 ක් ඇතුලුව 55 දෙනෙකුට වඩා වැඩි ප්‍රදේශවාසීන් පිරිසක් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අත්වැල් බැඳගත්හ.

මෙම වැඩසටහනේදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳව පරීක්ෂාවට ලක් කරන ලද අතර, එම අවස්ථාවේදීම තම ගෙවත්ත පිරිසුදුව හා පිළිවෙලට තබා ගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබාදුන් අතර, වැඩසටහන අතරතුර රතු නිවේදන 10 ක් නිකුත් කරන ලදී.