Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th August 2023 11:11:59 Hours

4 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් විජිතා විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කරති

23 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 232 වන පාබල බලසේනාවට අයත් 4 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් මඩකලපුව, උන්නිච්චායි ප්‍රදේශයේ පිහිටි කරවෙඩ්ඩියාරු විජිතා විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් 20 දෙනෙකු සඳහා පාසල් උපකරණ ප්‍රධානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. 4 වන ගැමුණු හේවා බලඇණියෙහි අණදෙන නිලධාරී මේජර් එස් පි අයි එච් සේනානායක පිඑස්සි එල්එස්සි ගැහේබ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අතර, වැඩසටහන 2023 අගෝස්තු 23 වන දින පවත්වන ලදි. එහිදී එක් සිසුවෙකු සඳහා රු. 2500 ක් වටිනා පාසල් උපකරණ කට්ටලය බැගින් පිරිනමන ලදි.

මෙම අවස්ථාව සඳහා කරවෙඩ්ඩියාරු විජිතා විද්‍යාල්යේ විදුහල්පතිතුමා සහ ගුරුවරුන් 03 දෙනෙකු, දරුවන්ගේ දෙමාපියන් 15 දෙනෙකු සහ 4 වන ගැමුණු හේවා බලඇණියේ නිලධාරීන් 04 සහ සෙසු නිලයින් 15 දෙනෙකු සහභාගී විය.