Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd January 2023 18:07:20 Hours

4 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් මඩකලපුව“ඕසානම්”ළමා නිවාසයේ දරු දැරියන්හට පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් ලබාදෙයි.

මඩකලපුව - සතුර්කොන්ඩාන් හි පිහිටි “ඕසානම්” විශේෂ අවශ්‍යතා සහිත ළමා නිවාසයේ දරු දැරියන් හට 4 වන ගැමුණු හේවා බලඇණියේ භඨ පිරිස් විසින් 2022 දෙසැම්බර් 26 වෙනි දින එම ළමා නිවාස පරිශ්‍රයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් ලබා දෙන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම මත 23 වන පාබල සේනාංක අධීක්‍ෂණය යටතේ 231 පාබල බලසේනාවට අයත් 4 වන ගැමුණු හේවා බලඇණියේ බට පිරිස් විසින් සතුර්කොන්ඩාන් හි පිහිටි “ඕසානම්” විශේෂ අවශ්‍යතා සහිත ළමා නිවාස පරිශ්‍රයේදී, පෝෂ්‍යදායි දිවා ආහාර වේලක් ලබාදීමට පියවර ගත් අතර, ළමුන් 26 දෙනෙකුහට රුපියල් 25,000.00ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දෙන ලදී.

තවද, 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් මේනකා ගුණරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, මෙම වැඩසටහන සදහා උනන්දුව දක්වමින් එම දරු දැරියන් සමඟ විනෝද වෙමින් පැය කිහිපයක් ගත කරන ලදී. මෙම අවස්ථාවට නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.