Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th March 2022 09:37:13 Hours

4 ගැහේබ භටපිරිස් විසින් පාසල් උපකරණ බෙදා දෙති.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින් කොස්වත්ත ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් පරිදි 4 වන ගැහේබ ඒකකයේ භටපිරිස් විසින් මඩකලපුව දිස්ත්‍රික් ප්‍රදේශයේ පාසල් සිසුන් 501 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2022 මාර්තු 09 වන දින මඩකලපුව කරදියනාරු හින්දු විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී.

කොළඹ රොටරි සමාජයේ ඉන්ද්‍රතිස්ස පවුලේ සහ මනබන්දනී සේනාධීර මහත්මියගේ අනුග්‍රහයෙන් වැඩසටහන ක්‍රියාත්මක විය.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින් කොස්වත්ත ජ්‍යෙෂ්ඨ නිළධාරී මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර සිසුන් අතර පාසල් උපකරණ බෙදා දෙන ලදී.

23 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, 4 ගැහේබ අණදෙන නිලධාරී සහ එම ඒකක භටපිරිස් ඇතුලුව එම පාසලේ සිසු සිසුවියන්/ගුරුවරු ඇතුලු දෙමාපියන් ද මෙම වැඩසටහනට සහභාගී විය.