Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th August 2023 11:12:27 Hours

4 ගැහේබ භටපිරිස් ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරී මේජර් එස් පි අයි එච් සේනානායක පිඑස්සි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් සහ මාර්ගෝපදේශයන්ට අනුව ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණය සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 අගෝස්තු 16 වන දින උන්නච්චි ධීවර සංගම් ශාලාවේදී පවත්වන ලදී. 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරීගේ ආරාධනයෙන් අයිත්තමලෙයි පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් ඩබ්ලිව් ඒ සී වෙලගෙදර මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා උන්නච්චි ප්‍රදේශයේ සිවිල් වැසියන් 30 දෙනෙකු සහ 4 වන ගැමුණු හේවා බලඇණියේ නිලධාරින් 01 හා සෙසුනිලයින් 20 දෙනෙකු සහභාගී විය.