Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th June 2024 19:31:56 Hours

4 වන ශ්‍රිලංකා සන්නාහා සන්නද්ධ බළකාය වෙතින් අවශ්‍යතා ඇති පවුලක් සදහා නිවසක් ඉදිකර දෙයි.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් ශිවන්ත් කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උදාර සංකල්පයකට අනුව 22 වනසේනාංකයේ සේනාංකාධිපතිගේ මගපෙන්විම සහ සමිබන්ධිකරණය මත ඕස්ට්‍රේලියාවේ පදිංචි රුචිර විතානගේ මහතාගේ මුල්‍ය ධන පරිත්‍යාගයෙන් 4 වන ශ්‍රිලංකා සන්නාහා සන්නද්ධ බළකායේ අණදෙණ නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සෙසු නිලයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 229 බී සුමේධංකරපුර ග්‍රාමනිලධාරී වසමේ අංක 4/1 6 කණුව නුවරපාර චීනවරාය ලිපිනයේ පදිංචි එම්ජී තිළිණි ටානියා දිල්ශානී මහත්මිය සහ පවුලේ සැමට නව නිවසක් ඉදිකිරිම සදහා 2024.04.04 වන දින මුල් ගල තබන ලදි.

ඒ අනුව මෙම නිවස මාස දෙකක් වැනි කෙටි කාලයකින් ඉදිකර 2024.06.07 වන දින එම පවුලේ අයවළුන් හට යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි, නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ශිවන්ත් කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි, ශ්‍රිලංකා සන්නාහා සන්නද්ධ බළකායේ කර්නල් සේනාවිධායක සහ බටහිර ආඥාපති මේජර් ජෙනරාල් මහේන්ද්‍ර ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්පි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි සහ 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සුරතින් මෙම නිවස භාර දෙන ලදි.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු, නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ශිවන්ත කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරින් බලසේනාධිපති වරුන් සහ නිලධාරීන් සහභාගි වන ලදි.