18th April 2025 08:50:32 Hours
ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පී ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිවිසි පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම සහ 23 වන පාබල සේනාංකයේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ 232 වන පාබල බලසේනාව යටතේ යොදවා ඇති 4 වන බලඇණිය ගැමුණු හේවා බළකායේ 2025 අප්‍රේල් 17 වන දින වාලච්චේන යෝගසුවාමි හින්දු බාලිකා ළමා නිවාසයේදී ප්‍රජා සුභසාධන වැඩසටහනක් සාර්ථකව සංවිධානය කරන ලදී.
සිංහ සමාජයේ මූල්යමය සහයෝගය ඇතිව, මෙම දරුවන්ට පාසල් උපකරණ බෙදාදෙන ලදි. බලඇණියේ බල ප්‍රෙද්ශයට අයත් ළමා නිවසේ දරුවන්ට සහ කාර්ය මණ්ඩලයට දිවා ආහාරය ලබා දෙන ලදී.
මෙම සුභසාධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ජෙනරාල්, 232 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 4 වන ගැමුණු හේවා බළකායේ සහ 12 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂෟඨ නිලධාරීන්, නිලධාරීන්, අනෙකුත් නිලයන්, පොලිස් නිලධාරීන් සහ සිංහ සමාජයේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.