22nd July 2022 14:07:35 Hours
231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ් එම් එන් කේ ඩි බංඩාර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම මත, 4 වන ගැමුණු හේවා බළඇණිය සහ 11 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් රු. 5000.00 ක් බැගින් වු වටිනාකමකින් වියළි සළාක මලු 80 ක ප්‍රමාණයක් 2022 ජූලි 16 දින මඩකලපුව දිස්ත්‍රික්කයේ උන්නච්චි සහ කුරුක්කල්මඩම් හි දිළිඳු පවුල් අතර බෙදාදෙන ලදී.
මඩකලපුව මහජන බැංකුවේ ප්‍රාදේශීය කළමණාකරු සිසිර කුමාර මහතාගේ සහාය ඇතිව මෙම වැඩසටහන සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස් කේ කුලතුංග ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩීයු පිඑස්සි, 231 වන පාබල බළසේනාවේ බළසේනාධිපති ඩබ් එම් එන් කේ ඩි බණ්ඩාර ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි පීඑස්සි, 231 වන පාබල බළසේනාවේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරී, 4 වන ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරී, 11 (සෙව්) සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී, ඇතුලු අනෙකුත් නිළධාරීන් හා සෙසුනිළයින් සහභාගී විය.