20th September 2024 09:39:46 Hours
232 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත එරාවුර් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ලක්ෂ 25 කට ආසන්න වටිනාකමකින් යුත් නව නිවසක් ඉදිකරදෙන ලදී.
මෙම ව්‍යාපෘතිය සඳහා ‘Oman Lanka Mineral Exploration’ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ වතනි මෝහනශංකර් මහත්මිය සහ සහ ඕමාන් සුල්තාන් රාජ්‍යයේ මැදපෙරදිග පෙට්‍රෝලියම් එල්එල්සී ආයතනයේ සහ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය සී. මෝහනශංකර් මහතා සිය මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්හ. මෙම නව නිවස 2024 සැප්තැම්බර් 16 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
නිවාසලාභී පවුලේ සාමාජිකයන්ගේ නිවාස අවශ්‍යතාවය සබැඳිව සමාජ මාධ්‍ය ජාලාවන්හී විකාශය වූ වීඩියෝ පටයක් දැකීමෙන් අනතුරුව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරල් ඩී.ඩී.යූ.කේ. හෙට්ටිආරච්චි (විශ්‍රාමික) ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් මෙම නව නිවස ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා එතුමන් පරිත්‍යාගශීලීන් සමඟ සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවරයන් ගනු ලැබිණි. පාසල් සිසුන් තිදෙනෙකු සහ ආබාධිත ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ඇතුළු සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත මෙම පවුලේ සාමාජිකයන්ට මේ වනවිට ආරක්ෂිත සහ ස්ථාවර නිවසක් ඉදිකරදීමේ කටයුතු කෙටි කාලයක් තුළ අවසන් කෙරිණි.
නව නිවස විවෘත කිරීමේ උත්සවය අතරතුරදී, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ සුරතින් නව නිවසේ යතුරු නිවාසලාභී පවුලේ සාමාජිකයින් වෙත භාරදෙනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රදේශවාසීන් පිරිසක්ද එක්ව සිටියහ.